පාසල් ඇරීමේ සූදානමක් ?


(රංජන් කස්තුරි)

සෞඛ්‍ය අංශයේ නිර්දේශ ලැබුණු විගස පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

කෙසේ වෙතත් පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව බව ද පාසල් යළි විවෘත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ගුරුවරුන්ට හා අධ්‍යාපන කාර්ය මණ්ඩලයට අවි මර්දන එන්නත් ලබාදිය යුතු බවද ලේකම්වරයා කීය.

කොවිඩ් 19 වයිරසය පාලනය වී ඇති ප්‍රදේශවල පාසල් යළි විවෘත කරන්නැයි විවිධ අංශවලින් ඉල්ලීම් ගලා එන බව ද අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

පාසල් යළි විවෘත කළ හැකි ආකාරය සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන බව ද මහාචාර්යවරයා කීය.