පාසල් ආරම්භ කරන දිනය දින 3කට කලින් කියනවා


(රංජන් කස්තුරි)

රටේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් පාසල්, පෙර පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල, සහ උපකාරක පන්ති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

රජය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට දැඩි උනන්දුවක් දැක්වුවද දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාවයක් ලබා දීම වැදගත් බවද අධ්‍යාපන ඇමතිවරයා පවසයි.

පාසල්, පෙර පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපහාර උපකාරක පන්ති නැවත ආරම්භ කිරීමට දින තුනකට පෙර නැවත දැනුම් දෙන බව ද මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.