(බිඟුන් මේනක ගමගේ)
පාසැල් හයදහසකට දෙමළ භාෂා ගුරු හිඟයක් පවතින්නේ යැයි ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා පැවසීය.
සංහිඳියාවකට යන ගමනේදී මෙවැනි කරුණු බරපතල ලෙස සැලකිය යුතු යැයි කී හෙතෙම මෙම අඩුපාඩු නැතිකිරීම සඳහා අදාළ අංශ සමඟ කඩිනමින් සාකච්ඡා කරන්නේ යැයි කීය.
මීට අමතරව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (නිලෙට්) භාෂා විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමට ඉදිරියේදී කටයුතු කරන්නේ යැයි ද එමගින් භාෂා අධ්‍යාපනය පිළිබඳ නිසි ප්‍රමිතියක් නිර්මාණය කරගැනීමට හැකියාව ලැබෙන්නේ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.