පූජාපිටිය මැදගොඩ ජනාධිපති ආදාර්ශ ප්‍රාථමික විදුහලේ ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිල්ල ඉදිකිරීමට දේශපාලන බලය පෙන්වමින් දෙදෙනකු බාධා කරතියි දෙමාපියෝ අද (29) උදේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
ද්විතීයික පාසල් ඇති කිරීමෙන් පසුව ප්‍රාථමික අංශය සඳහා ගම්මාන 10කට පමණ මෙම පාසල පමණක් තිබෙන බවත් මෙම ගොඩනැගිල්ල ඉදි නොකළහොත් 2014 වසරට පළමු වසරට සිසුන් ඇතුළත් කළ නොහැකි බවත් උද්ඝෝෂකයෝ කියති.