යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ මැදවච්චිය පූනෑව අසලට එකවරම වල් අලි 20 ක පමණ රංචුවක් පැමිණි බව වැසියෝ කියති.
පූනෑව නාවික හමුදා කඳවුරට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් එක් වරම මතුවූ අලි රංචුව ඒ-9 මාර්ගය හරහා මාරු වීමට උත්සහයක දැරුවද අලි රංචුව කුලප්පු වී ඒ මේ අත දුවන්නට වූ අතර නැවත පැමිණි කැලෑව දෙසට ඇතුළු වුවද මෙම රංචුව රාත්‍රියේ හෝ පාර මාරුවන බව ප්‍රදේශවාසීහු කියා සිටියහ.
මෙහි ඇති අවදානම් තත්ත්වය වන්නේ පූනෑව පාසලේ ප්‍රාතමික පාසල් නව ගොඩනැගිල්ල වල් අලි රංචුව පැමිණි ස්ථානයට මීටර් 50ක්වත් නොමැති තරම් ආසන්නයේ අලිමංකඩ පිහිටා තිබීමයි.
ප්‍රෙද්ශ වාසීන් කියා සිටින්නේ මෙම ස්ථානය අලි මන්තලව්වක් බවටත් මීට පෙරද මෙම ස්ථානයෙන් අලි රංචු මාරු වී ඇති බවයි.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/011.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/021.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/051.jpg)
![06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/061.jpg)
![08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/081.jpg)
![09[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/091.jpg)
