පාවෙමින් තිබූ කිලෝ 9 ක හෙරොයින් පාර්සලයක් සොයාගනී


(ඉන්දිකා රාමනායක)

හෙරොයින් මත්කුඩු  කිලෝ ග්‍රෑම් 9.3 ක් අඩංගු පාර්සලයක්  උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අද (12) පස්වරුවේ  නාවික හමුදාව විසින් සොයාගෙන ඇතැයි නාවික හමුදාව කියයි.
කන්කසන්තුරේට මුහුදු සැතපුම් 8 ක් දුරින් මුහුදේ සැකකටයුතු  පාර්සලයක් පාවෙන දුටු නාවික හමුදා  වෙරළාරක්ෂක යාත‍්‍රාවක් එය ගොඩගෙන කන්කාසන්තුරේ වරාය වෙත රැගෙනවිත් පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 9 ක් හමුවී ඇත.