ලෝකයේ විශාලම සහ ජනප්‍රියම ජංගම පොත් ප්‍රදර්ශනාගාරය ලෙස සැළකෙන ලෝගොස් හෝප් පොත් නෞකාව මෙම මස 22 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිතය.
දර්ශනය,ආගම,සමාජීය විද්‍යාවන්,භාෂා,විද්‍යා,කලා හා සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක පොතපත ලොගොස් හෝප් හි ඇත.
නෞකාවට ගොඩනගින්නෙකුට පොතපත මිලදී ගැනීමට,හා පරිශීලනය කිරීමට අවස්ථාව තිබේ.තමන් සන්තකයෙහි වටිනා පොතපත ඇත්නම් ඒවා ලෝගෝස් හෝප් ප්‍රදර්ශනාගාරයට පරිත්‍යාග කිරීමටද හැකිය.
නෞකාවේ කාර්යමණ්ඩලය රටවල් 40 ක පමණ සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ලද්දක් වන අතර ඔවුහු සේවය කරන්නේ ස්වේච්ඡාවෙනි.
මෙම මස 22 වැනිදා සිට එළැඹෙන නොවැම්බර් මස 12 වැනිදා දක්වා ලොගොස් හෝප් කොළඹ වරායේ නැංගුරම් ලා තැබෙනු ඇත.

