ගාල්ල වරායේ නවතා තිබෙන ඇවන්ඩ්ගාර්ට් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව වෙනත් වැකට මාරු කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (17) එම නැව අයත් සිලෝන් ෂිපින් සමාගමට අවසර දුන්නාය.
අබි ගබඩාව තිබෙන ‘මහනුවර‘ නම් නැවේ රක්ෂණ කාලය අවසන්ව තිබෙන බවත්, නැව ඉතා පැරණි නිසා ආපදාවක් සිදු වුවහොත් විශාල අනියක් වීමට ඉඩ තිබෙන බවත්, එනිසා එය ‘මහවැලි‘ නම් වෙනත් නැවකට මාරු කිරීමට අවසර දෙන ලෙසත් සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

