පාලිත තෙවරප්පෙරුමට හදිසි හදවත් සැත්කමක්


(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර තිබේ.

ඒ මහතා එහිදී හදිසි හෘද සැත්කමකට භාජනය කර ඇති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

තෙවරප්පෙරුම මහතා දීර්ඝ කාලයක් තිස්සේ තිස්සේ හෘදයාබාධයකින් පෙලුනු අතර ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වේ.