පාරේ වැටී සිටි ප්‍රංශ ජාතිකයා තානාපති කාර්යාලයට


පසුගිය 18 වැනිදා මහබාගේ පාරේ වැටී සිටියදී රාගම රෝහලට ඇතුළත් කළ ප්‍රංශ ජාතිකයකු (50) ප්‍රංශ තානාපති කාර්යාලයට බාරදුන් බව පොලිසිය කියයි.

මොහු අතුරුදන්වී ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඔහු මත්පැන් ශරීරගත වීමෙන් අනතුරුව පාරේ වැටෙන්නට ඇත්දැයි සැකකරන බවද පොලිසිය කියයි.