පාරේ ලොක්කො දෙන්නෙක් පාරට


උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගනකාධිකාරී ජී එම් පී එම් බී ගුණරත්න මහතාගේ වැඩ තහනම් කළ බව උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී සිංහරත්න බණ්ඩාර මහතා කියයි. මින් දෙසතියකට පෙර උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබැලූ සාමාන්‍යාධිකාරී සෙනරත් පුෂ්පකුමාර මහතාගේ වැඩද තහනම් කැරිණි. මැදවච්චිය ඇටඹගස්කඩ මාර්ගය අලුත්වැඩියා කිරීමේදී රුපියල් දෙකෝටි විසි ලක්ෂයක වියදමින් අනුරාධපුර අරිප්පු මාර්ගයේ කිලෝ මීටර් තුනක් දින නමයකින් අලුත්වැඩියා කිරීමට රුපියල් නම කෝටියක් ද වැය කිරීම ගැන දැන් පරීක්ෂණ අරඹා ඇත.