පාරේ ක්‍රිකට් ගැසුවාට උසාවියෙන් අවවාද


කොළඹ වොක්ෂොල් වීදියේ මහා මාර්ගය හා පදික වේදිකා අවහිරවන පරිදි ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු බාලවයස්කරුවකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවවාද කර මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (30) නියෝග කළේය.

බාල වයස්කරුවන් පිරිසක් මෙසේ පදික වේදිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටි අතර පොලිසියෙන් පැමිණි අවස්ථාවේ වැඩි පිරිසක් පළා ගොස් ඇතැයිද එක් අයකු අත් අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද කියති.

ක්‍රීඩාවට යොදා ගත් ක්‍රිකට් පිති, විකට් ලෙස භාවිතා කළ ප්ලාස්ටික් පුටුවක් පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

බාල වයස්කරුවකු බැවින් අධිකරණය මොහුට අවවාද කොට මුදා හැරීමට නියෝග කළේය.