පාරේ අවහිරය බලන්න ආ සමිත හිමිටත් අවහිර


ගාල්ල - බද්දේගම පින්තාලිය මාර්ගය සාදා දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු අද (12) උදෑසන උද්ඝෝෂණයක් ඇරඹූහ.

එම ස්ථානයට පැමිණි පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ ජනතා නියෝජිතයන් දැනුම්වත් කරන බව පවසා නික්ම යාමට උත්සාහ කරද්දී කොට දමා ඒ හිමියන් පැමිණි වාහනය හරස් කළ ජනතාව උන්වහන්සේට යාමට ඉඩ නොදුන්හ.

සමිත හිමියන් තමන් සමග සිටීම ශක්තියක් බවත් උන්වහන්සේ පැමිණ මෙම උද්ඝෝෂණයට නායකත්වය දෙන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලූහ. ඒ අනුව උන්වහන්සේද එම පිරිස සමග එහි රැඳී සිටිති.

IMGA0021 IMGA0029 IMGA0030 IMGA0031

ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා