අනුරාධපුර අරිප්පු පාර ඇතුලු මාර්ග පනස් තුනක් 2012 දී අලුත් වැඩියා කිරීමේදී රුපියල් කෝටී 150 ක් පමණ අක්‍රමිකතාවක් සිදුව ඇති බව පෙනී යයි උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධීකාරියේ සමාන්‍යාධිකාරී එච් ඩබ්ලිව් එස් බණ්ඩාර මහතා උතුරු මැද පළාත් මහ ඇමැති එස් එම් රංජිත් මහතාට වාර්තා කරයි.
මෙම මාර්ග පනස් තුන යටතේ කිලෝ මීටර් එකසිය පනස් තුනකි.2012 ඔයා මඩුවේ දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ කිලෝ මීටර් තුන හමාරකට ආසන්න පිවිසුම් මග කාපට් කිරීමට රුපියල් කෝටි දහයක් පමණ වැය කැර ඇත.

