(නිමල කොඩිතුවක්කු)
පාරිභෝගික අධිකාරී පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවැසීය.
පාරිභෝගික අවශ්‍යතා වඩාත් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම පනත සංශෝධනය කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
මෙයට අමතරව සමූපකාර පනත යුගයට ගැලපෙන ලෙස සංශෝධනයට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සහ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.
ඉදිරි මාස හය ඇතුළත ලංකාවේ තවත් වැදගත් ජාතික ප‍්‍රතිපත්ති තුනක් ජනගත කරන බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව ජාතික කර්මාණ්ත ප‍්‍රතිපත්තිය, තෘතික අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සහ අභ්‍යන්තර වෙළඳ ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරන බවත් පැවසීය.

