(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක පැමිණිල්ලක් පොලිසියට කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය.
කතානායකවරයා ඒ බව පැවැසුවේ දිනේෂ් ගුණවර්ධන මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.
දිනේෂ් ගුණවර්ධන මහතා
කතානායකවරයා පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට කියලා වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් දමා තිබෙනවා.ඒ අනුව පොලිසිය අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ගියා.ජන බලයට සෙනඟ රැස්වන එක නතර කරන්නයි මේ හදන්නේ.
කතානායක කරු ජයසූරිය මහතා
මම කිසිම විදියකට පොලිසියට හෝ තවත් කාටවත් එහෙම කිව්වේ නැහැ.ඔබතුමා හැමදාම මාවමයි අල්ල ගන්නේ.බොරු ගොත ගොතා කියනවා.මම මේ ගැන බොහොම කණගාටු වෙනවා.බොරු කියන්න එපා.මම කාටවත් පැමිණිලි කළේ නෑ.

