රංජන් කස්තුරි
පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට හෙට (30) පෙරවරු 10 ට පක්ෂනායකයින්ගේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
එම රැස්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභහපතිවරයාටද එම අවස්ථාවට ආරාධනා කර ඇතැයි කතානායක කාර්යාලය සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණයේ නිහඬ කාලයට අයත් වන පෙබරවාරි 8 වැනි දින පාර්ලිමෙන්තු රැස්වීමක් පැවැත්වීම මැතිවරණයට බාධා විය හැකි බවට විවිධ පාර්ශ්ව කරුණු දක්වා තිබේ.

