පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට විශේෂ පොලිස් ආරක්ෂාව


(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට විශේෂ පොලිස් ආරක්ෂාව දෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපය ට පැවැසීය.


අමතර භට කණ්ඩායම් කිහිපයක් දැනටමත් ඒ සඳහා සූදානම් කර ඇතැයිද පොලිස්පතිවරයා කියයි.


පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අදාළ විශේෂ පෙරහුරුවක් ඊයේ සාර්ථකව පැවැත් වූ බව එහි බලධාරීහු පැවැසූහ.


පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කෙරෙන්නේ ලබන අඟහරුවාදා (08 දා) පස්වරු 2.15 ටය.