පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් පත්කරන්නලු



 
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස පත්කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත.
 
පසුපෙළ මන්ත්‍රීවරුන් 24 දෙනෙකුගේ අත්සනින් යුතුව ඉහත ඉල්ලීම සඳහන් ලිපිය අද (19) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයාට ලබා දී තිබේ.
 
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එම තනතුරෙන් ඉවත් වීමට සිදු විය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායකවරයාද වේ.

දක්ෂ ක්‍රියාශීලි තරුණ නායකයෙකු නියෝජ්‍ය කතානායක ධුරයට පත්කරගත යුතු හෙයින් මෙම ඉල්ලීම කළ බව එජාප පසුපෙළ මන්ත්‍රීවරයෙක් ලංකාදීපයට පැවැසීය.