පාර්ලිමේන්තුවේ ගින්නට හේතුව වායු සමීකරණ පද්ධතියේ විදුලි කාන්දුවක්


සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 
 
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ගින්නට  හේතුව වායු සමීකරණ පද්ධතියේ විදුලිය කාන්දුවීමක් බව සොයාගෙන ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.වායු සමීකරණ පද්ධතියේ එම දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයිද ඒ නිලධාරීහු කීහ.
 

ගින්න හටගෙන තිබුණේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ කාර්යාලයේ ඇති වායු සමීකරණ පද්ධතියයි.
 
පාර්ලිමේන්තු ගිනි නිවන අංශයේ නිලධාරීන් විසින් ඒ මොහොතේම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කිරීම නිසා විශාල විනාශයක් වැළැකී ගියේය.මේ සිද්ධිය නිසා පාර්ලිමේන්තුවේ දැඩි කලබලකාරී තත්ත්වයක්ද ඇතිවිය.