(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (23) පැවසුවේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ පසුගියදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පාර්ලිමේන්තුව අද කැඳවූ අවස්ථාවේදීය.
පාර්ලිමේන්තු රැස්වීමට පෙර එම පරිශ්‍රයේ පැවති ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ද සහභාගි වූ බවත් එහිදී මේ බව හෙළිදරව් වූ බවත් කතානායකවරයා සදහන් කළේය.

