(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනම් අලූත්වැඩියාවක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේ 1982 වසරේදී වන අතර ගතවූ වසර 35ක කාලය තුළ එහි ප‍්‍රධාන අලූත්වැඩියාවක් කිසිවක් කර නොමැති බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එබැවින් එහි කඩිනමින් කළ යුතු බවට හඳුනාගෙන ඇති අලූත්වැඩියා කටයුතු කිරීමට තීරණය කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අලූත්වැඩියාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශය ද සළකා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ඉටුකරගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.