(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව පාර්ලිමේන්තුවෙන් මෑත භාගයේදී හමුවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 70ක් දක්වා ඉහළ යනු ඇත.
කොවිඩ් ආසාදිත මෙම පිරිසේ පොලිස් නිලධාරීහු දෙදෙනෙක්ද පාර්ලිමේන්තුවේ අංශ ගණනාවක සේවක සේවිකාවෝද වෙති.
පාර්ලිමේන්තු සේවක සේවිකාවෝ 120 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ඊයේ යොමු කරනු ලැබූහ. කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් 38 දෙනා හමුවී ඇත්තේ එම පරීක්ෂණවලදීය.
මේ අතර මේ දක්වා කොවිඩ් ආසාදනයවූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49කි.

