පාර්ලිමේන්තුවට අභියෝග කරන්න පුළුවන් ජගතෙක් පිටත නැහැ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවට අභියෝග කළ හැකි කිසිදු අයෙකු ඉන් පිටත නැතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා එම කමිටුවට කළ අපහාසයක් සම්බන්ධයෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා

කෝප් කමිටුවට පාර්ලිමේන්තුවට අවමන් කරපු පුද්ගලයෙකු ගැන මුලින් සඳහන් වුණා.

ඔබතුමා ඒ සම්බන්ධයෙන් වැඩි බරකින් කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව කියන්නේ ජනතා ඡන්දයෙන් පත්වුණු දෙයක්.  මෙතන 225ම මිනිසුන්ට වග කියන අය. ඒකට අභියෝග කරන්න පුළුවන් බලවතෙක් එළියේ නැහැ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා

එම කාරණය ගැන සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නවා