
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ මූලික කටයුතු මේ වනවිට අවසන් කර එම කමිටු වාර්තාව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට භාර දී ඇත.
පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු සඳහා විශ්‍රාමලත් උසස් පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් කතානායක ෙෙවද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඉකුත්දා පත් කෙරිණ
පාර්ලිමේන්තුවේ පරිපාලන ව්‍යුහය මෙන්ම වැටුප් ව්‍යුහයද වෙනස් කළයුතු බවට එම කමිටුව නිර්දේශ කර ඇති බව සඳහන් වේ.
එසේම තනතුරු උසස්වීම්, වැටුප් වර්ධක ගෙවීම්, පුරප්පාඩු පිරවීම් මෙන්ම නව බඳවා ගැනීම් කරන ලෙස කතානායකව යෝජනා කර අැත
එමෙන්ම මෙම වාර්තාව පාර්ලිමේන්තු මහලේකම්වරයා ටද භාර දී ඊට අදාළව යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇත.
මේ අතර පාර්ලිමේන්තුවේ නව ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් කතානායකවරයාට ඉදිරිපත් කර ඇති නිර්දේශ ඇතුළත් වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

