සුජිත් හේවාජුලිගේ සහ අරියරත්න රණබාහු
අද පාර්ලිමේන්තුව වැඩි කාලයක් වැය කරන්නේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට නොව මන්ත්‍රීවරුන් 225 දෙදෙනාගේ ප්‍රශ්න ගැන කතා කිරීමට යැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අළුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදි අද (21) පැවසීය.
අළුත්ගමගේ මහතා මේ බව පැවසුවේ සුරාබදු ආඥා පනත යටතේ නිවේදන පිළිබඳ විවාදයේදීය.
ආනන්ද අළුත්ගමගේ මහතා මෙසේද කීය.
අද ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ හරියට කතා කෙරෙන්නේ නැහැ. දුෂණ ගැන එක එක්කෙනාට චෝදනා කරගන්නවා. අපි දැන්වත් ජනතාවගේ ප්‍රශ්න ගැන උනන්දු වෙන්න ඕන.