(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් ලබන බදාදා(10) පෙරවරු 10.30ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා අද(8) තීරණය කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීම සඳහා එම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය කැඳවීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීල් ඉද්දවල මහතා පැවසීය.
මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක නායකයෝද බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීම් කර තිබිණි.

