හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට එරෙහිව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේ ඇති වු උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද පැය දෙක හමාරකට සීමා විය.
පාර්ලිමේන්තුව හෙටට (05) කල් තැබුණු අතර කල් තැබීමේ විවාදයද නොපැවැත්විණි.

