ආරියරත්න රණබාහු
පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ සඳහා මන්ත්‍රීවරු 20 කගේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කීවේය .
එවැනි විවාදයක් කීරිම ගැන සභාවේ යෝජනාවක් නැතැයි සභා නායක කී අතර . සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ සභාව විනාඩි 10කට කල් තැබිණි.
පවතින දේශපාලන වාතාවරණය ගැන විවාදයක් පැවැත්වීමට පාර්මේන්කුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය විය.
ඒ අනුව අද සවස 4 සිට 7 දක්වා එම විවාදය පැවැත්වෙන බව කතානායකවරයා දැනුම් දුන්නේය