(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තුවේ අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදය හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තුව හා ඒ අවට ආරක්ෂාව තර කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය ,පොලිස් කැරලි මර්දන භට පිරිස් මේ වන විට පාර්ලිමේන්තුව හා ඒ අවට යොදවා තිබෙව බවද පොලිසිය සඳහන් කරයි. පාර්ලිමේන්තු මාර්ගයේ ගමන ගන්නා වාහන සියල්ල පරීක්ෂා කරන අයුරුද දකින්නට ලැබිණි.
ආරක්ෂාව තර කිරීම සමඟ පාර්ලිමේන්තුව හා ඒ අවට දැඩි රථ වාහන තද බදයක්ද නිර්මාණය වී ඇත.
(ඡායාරූප - ඉෂාන් සංජීව සහ ළහිරු හර්ෂණ)