පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාර්යය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කර ඇත.
එහි ප්‍රථම වැඩසටහන ලෙස රියදුරු කාර්යය මණ්ඩලය සඳහා න්‍යායාත්මක පුහුණු වැඩසටහන පසුගියදා පැලවත්ත පිහිටි ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ ආයතනයේදි පැවැත්විණි.
ආරක්ෂිත ලෙස විද්‍යාත්මක රිය පැදවීම, සංශෝධිත මෝටර් රථ ආඥා පනත සහ නව මාර්ග නීති ආදි රිය පැදවීමේදි අත්‍යවශ්‍ය සහ වැදගත් මාතෘකා පිළිබඳ ප්‍රවීණ නිලධාරින් විසින් දේශන පවත්වනු ලැබීය. එම ප්‍රථම වැඩසටහනේ සමාලෝචන අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සහ අමාත්‍යංශ ලේකම් වජිර නාරම්පනාව යන මහත්වරු සහභාගි වූහ.





