
නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති , බන්ධනාගාරගත කර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාට නව පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගීවීමට මඩකළපුව මහාධිකරණයෙන් අද(18) අවසර ලබාදී තිබේ.
පළමු පාර්ලිමේන්තු සැසිය 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙවර මහ මැතිවරණයේදී තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයෙන් තරග වැඳුණු ඒ මහතා මනාප 54,198 ක් රැගෙන මඩකළපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්විය.
2005 වසරේදී මඩකළපුව ශාන්ත මේරී දේවස්ථානයේ නත්තල් පුජාවට සහභාගීව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
(ඡායාරූප - ටී. එල්. ජව්ෆර්කාන්)



