තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තු සැසිය කල් තැබීමක් සිදු නොවන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිපතිවරයා විසින් අති විශේෂ ගැසට්නිවේදනයක් මගින් පාර්ලිමේන්තු සැසිවාරය මාර්තු 26 වැනිදාතෙක් කල් තැබීමට යන බවට පැතිර ගිය ආරංචි ගැන ජනාධිපති ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු එසේ කීවේය.
පාර්ලිමේන්තු සැසිවාරය කල් නොතබව බවත්, හෙට දිනයේ පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇති බවත් ජනාධිපති ලේකම්වරයා කීවේය.
අති විශේෂ ගැසට් පත්‍රයක් මුද්‍රණය කිරීමට එවන බව රජයේ මුද්‍රණාලයට කළින් දැනුම් දී තිබුණි.