(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ වටයක් ලබන 3 වැනිදා සංවිධාන කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
තමන් කැමති නම් පමණක් මන්ත්‍රීවරුන්ට මෙම පරීක්ෂණ සඳහා පෙනී සිටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
cකොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ වටයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙයට පෙරද පවත්වන ලදී . එහෙත් ඊට සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් පස්දෙනකු පමණකැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුව ලබන තුන්වැනිදා රැස් වන අතර ඒ අවස්ථාවේ දී මන්ත්‍රීවරුන්ට මේ පරීක්ෂණ සඳහා යොමු විය හැකි බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පස් හය දෙනෙකු හැරෙන්නට සෙසු සියලු මන්ත්‍රීවරුන් කොරෝනා මර්දන එන්නත ලබාගෙන ඇතැයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ගෙන් සියයට සියයට 98 කට වැඩි පිරිසක් කොරෝනා මර්දනය එන්නත ලබාගෙන ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විස්සකට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා රෝගයට පසුගිය දිනවල ගොදුරු වූහ.

