පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ විශ්‍රාම දීමනාව වැඩිවෙයි


(රංජන් කස්තුරි)

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රුපියල් 10000ක අතුරු දීමනාවක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ලබාදී තිබේ.

ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලැබෙන වැටුපට අමතරව ඔවුන්ට එම අතුරු දීමනා හිමිවන බව පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මේ වනවිට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 296 දෙනකු හා මියගිය මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් හෝ බාල වයස්කාර දරුවන් 100 දෙනකුට පාර්ලිමේන්තුව මගින් විශ්‍රාම වැටුප් ගෙවනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මූලික වැටුප රුපියල් 54000කි. වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කළ මන්ත්‍රීවරයකුට මූලික වැටුපෙන් 1/3ක් විශ්‍රාම වැටුප ලෙස හිමිවේ.