(සුජිත් හේවාජුලිගේ)
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සමස්ත ලංකා දෙමළ කොංග්‍රස) ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොවිඩ් ආසාදනයවූ 21 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.
මේ බව තහවුරුවීමෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අප මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ තමාට කොවිඩ් ආසාදනයවී ඇතත් ලොකු අමාරු තත්වයක් නැති බවයි.
තමා තවමත් නිවසේ සිටින බවත් සෞඛ්‍ය අංශ උපදෙස් ලැබුණු වහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

