පාර්ලිමේන්තු පුස්තකාලයට නව ප‍්‍රධානියෙක්
පාර්ලිමේන්තුවේ නව පුස්තකාලයාධිපති ලෙස එහි නියෝජ්‍ය පුස්තකාලයාධිපති චන්ද්‍රදාස කුරුප්පු මහතා පත් කරනු ලැබ සිටී. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික කිතුලේගොඩ මහතා විසින් නොවැම්බර් පළමුවැනි දා සිට මෙම පත්වීම කැරිණි. පුස්තකාලයාධිපති එස්.එම්.සී. තිලකරත්න මහතා ඉකුත් 31 දා විශ‍්‍රාම ගියේය. වරලත් පුසතකාලාධිපතිවරයකු වන කුරුප්පු මහතා කලමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු මෙන්ම ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙක් ද වෙයි.

