පාර්ලිමේන්තු පාර තාවකාලිකව වසා දැමේ


(ඩයනා උදයංගනී) 

උක් ගොවීන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසළින් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය අද(20) තාවකාලිකව වසා දමා ඇත.

මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද පවතී.
 
පැලවත්ත හා සෙවණගල සීනි කර්මාන්ත ශාලා පෞද්ගලික අංශයට පැවරීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වේ.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා