සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී
පාර්ලිමේන්තුව ගංවතුරින් යටවීමේ අවධානම පිළිබඳ සෙවීමට යුද හමුදා ප්‍රධානීන් පිරිසක් දියවන්නා ඔයේ අද (24) සංචාරයක යෙදුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
බ්‍රිගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරිහු කණ්ඩායමක් මෙම නිරීක්ෂණයට එක්වූහ.
ගංවතුරින් දියවන්නා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් නාවික හමුදාවේ හා පොලිසියේ කණ්ඩායම් කිහිපයක් ඒ ප්‍රදේශවල සීරුවෙන් තබා සිටිති. දියවන්නා ඔයේ මුර සංචාරයේ යෙදෙන නාවික හමුදා බෝට්ටු වල ප්‍රමාණයද වැඩි කර ඇත.
ගංවතුර අවදානම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාන් ලියනගේ මහතා පැවසුවේ දියවන්නා ඔයේ ජල මට්ටම පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීම් කරන බවයි.
වාර්ෂාව නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබෙනු දක්නට ලැබිණි.
දියවන්නා ඔයේ අලුතින් ඉදි කෙරුණු සීමා මාලකයද ගංවතුරට හසුවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් එජනිස මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගංවතුර අවදානම ගැන සොයන්න යුද හමුදා ප්‍රධානීන් පිරිසක්
Recommended Articles