පාර්ලිමේන්තු කණ්ඩායමට ලකුණු 17 ක ජයක්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඉකුත් සිකුරාදා (06) මහරගම තරුණ සේවා සභා ක‍්‍රීඩාංගණයේදී පැවති සැහැල්ලූ පන්දු සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 17ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමට හැකි විය.
නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු අග‍්‍රාමාත්‍ය ශිහාන් ධම්මික නායකත්වය දැරූ කණ්ඩායම් දෙක අතර පැවති මෙම ක‍්‍රිකට් තරගය පන්දු ඕවර 15 කට සීමා විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාර්ලිමේන්තු කණ්ඩායම ලකුණු 08 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී කණ්ඩායමේ වගකීම කරට ගත් ඩිලාන් පෙරේරා සහ නාමල් රාජපක්ෂ 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 74ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. නාමල් රාජපක්‍ෂ 4 පහර 2 ක් සහ 6 පහර 4 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය.
පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 134 (නාමල් රාජපක්‍ෂ 59, මහන්දානන්ද අලූත්ගමගේ 18, ඩිලාන් පෙරේරා 16, පේ‍්‍රමලාල් ජයසේකර 13, ශිහාන් ධම්මික 15/2)
යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම සියලූ දෙනා දැවී 117 (සඳරුවන් ජයසුන්දර 31, විමල් වීරවංශ 40/2, නාමල් රාජපක්‍ෂ 26/3, මහින්දානන්ද අලූත්ගමගේ 8/3)
තරගයේ වීරයා- නාමල් රාජපක්‍ෂ (පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පිතිකරු- සඳරුවන් ජයසුන්දර (යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පන්දු යවන්නා- මහින්දානන්ද අලූත්ගමගේ (පාර්ලිමේන්තු කණ්ඩායම)
හොඳම පන්දු රකින්නා- පේ‍්‍රමලාල් ජයසේකර (පාර්ලිමේන්තු කණ්ඩායම)

