දඹුල්ල-ගලේවෙල මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දී සංවර්ධනයේ නාමයෙන් ඉඩම් කොල්ලකෑමක් සිදු වන බවත්, නීත්‍යනුකූලව ඉඩම් පවරාගෙන මහජනතාවට සහන ලබා දෙන තෙක් ඉඩම්වලට ඇතුළුවීමට කිසිවකුට ඉඩ නොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රංගිරි දඹුලු රාජමහා විහාරාධිපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල මාහා නා හිමියෝ කියති.
දඹුල්ලේ සිට තලකිරියාගම, පහලවැව කළුපාලම දක්වා ඇති ඉඩම් කොටස් රංගිරි දඹුලු රජමහා විහාරය සතු වන බව ද, 1931 අංක 19 දරණ විහාර හා දේවාලගම් ආඥාපනත යටතේ ඒවා පාලනය වන බව ද, එම ඉඩම් ගම්මුන් විසින් රාජකාරි හා බදු පදනම මත දීර්ග කාලයක් තිස්සේ බුක්ති විඳනිව බව ද මහ නා හිමියෝ පවසති.
රටේ සංවර්ධනයට විරුද්ධත්වයක් නැතත් එවැනි කටයුතු වල දී ගැසට් පත්‍රයක් මගින් ඉඩම් පවරාගෙන වන්දි ගෙවීම් කළ යුතු යැයි මීට පෙර තමා හමුවීමට ආ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් උපදෙස් දුන්නත් මේ වන තෙක් එලෙස සිදුවී නැතැයි කියන මහා නාහිමියෝ මෙලස ඉඩම් ගැනීමට තමන් වහන්සේ කැමැත්ත පළ කළ බව කියමින් ගම්මුන් මුලා කරන බව ද සඳහන් කරති.

