පාර සදා නොදුන්නාට පාරේ බුදි


කොළොන්න බුත්කන්ද පාර සදා නුදුන්නැයි ගැමියෝ පාර හරහා කළු කොඩි ඔසවා පැය හතක උද්ඝෝෂණයක් කළහ.

ටයර් පුළුස්සමින් ගස් ගල් පාරට දමමින්  උද්ඝෝෂකයෝ පාරේ නිදා ගත්හ.

ඊට කිලෝ මීටර් හතරක් දුරින් ස්වදේශ ඇමැති ඩබ් ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා  පාරක් පිළිසකර කිරීමට මුල්ගල් තැබීමට පැමිණියේය.

උද්ඝෝෂකයන්ට ඇමැති පැවසුයේ පාරේ වැඩ කටයුතු මේ මාසයේ අරඹන බවය.

ඒ පොරොන්දුවත් සමග උද්ඝෝෂණය අවසන් විය.