පාර වසා ගැමියෝ විරෝධය දක්වති


පාසල ඉදිරිපිට ඇති අනාරක්ෂිත ගල් බැම්මක් ඉවත්කර දෙන ලෙස ඉල්ලා ගාල්ලේ කොට්ටව කණිෂ්ඨ විදුහලේ සිසුන්ගේ දෙමාපියෝ අද විදුහල ඉදිරිපට උඩුගම මාර්ගයේ පැයක පමණ උද්ඝෝෂණයක නිරතවූහ. උද්ඝෝෂණය හේතුවෙන් පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවිය. වෙනත් විකල්ප මාර්ග ද තිබුණේ නැත. උඩුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීවේ පාසලෙන් පිටත ඇති තාප්පය මාර්ගයේ පැමිණෙන පාසල් සිසුන්ට අවදානම් වුවත් එය ඉවත්කරන ලෙස පාසලෙන් දැනුම් දී නොමැති බවයි.

SAM_7973 SAM_7981 SAM_7983 SAM_8001 SAM_8007