(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත)
පුත්තලම කොළඹ මාර්ගයේ පාලවිය තල්ගස්කන්ද ප්‍රදේශයේදී අද ( 07 ) සවස වෑන් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පාලවිය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ 11 හැවිරිදි ඩබ්ලියු . අසිත සංජීව ලෝව් නැමති දරුවෙකි.
මරණයට පත් දරුවා තම ඥාති සොහොයුරියක සමඟ වෙළඳසැලකට පැමිණ ආපසු නිවස බලා යෑමට මාර්ගයට පිවිසේනවාත් සමඟ අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් කුඩා දරුවා යටකර පලා යන අයුරු අසල තිබූ ආරක්ෂීත කැමරාවක සටහන් වී තිබුණි. ප්‍රදේශයේ තරුණයින් යතුරු පැදිවලින් ගොස් මාර්ගය හරස් කර වැන්රථය නවතා පොලිසියට භාර දි තිබේ.
මරණයට පත් දරුවා සමඟ ගමන් කරමින් සිටි දැරිය වෑන් රථයේ ගැටී ඈතට විසිවීමේන් දිවි බේරි ඇති බව පොලිසිය පවසයි .