කොළඹ - නුවර මාර්ගයේ පිළිමතලාව ආසන්නයේදී පා පැදිකරුවකු මර්ගයේ නවතා තිබු ලොරි රථයක පැති කන්නාඩියේ වැදි සිදුවු තුවාල හේතුවෙන් මියගොස් ඇතැයි කඩුගන්නාව පොලිසිය පවසයි.
ඉලුක්වත්ත හේනේගෙදර වත්තේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ චමින්ද (23) යන අයෙකි. අද (29) අලුයම 12.45 පමණ මෙම අනතුර සිදුවි ඇති අතර තම නිවස අසල ලොරි රථය නවතා එහි හිමිකරු නිවසට ගොස් සිටි අවස්ථාවේදී මහනුවර දෙසට පා පැදියෙන් ගමන් ගත් මෙම පුද්ගලයා ලොරි රථයේ පැති කන්නාඩියේ වැදි එහි යකඩ රදවනය ගෙල ප්‍රදේශයේ වැදීමෙන් තුවාල සහිතව සිහිසුන් සිටි බවත් කඩුගන්නව දිස්ත්‍රික් රෝහලට ඇතුල් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් රෝහල් ආරංචි කියයි.

