සුදොතුම් පාප් වහන්සේගේ ඡායාරූපයක් බදාදා (16) කොළඹ මහ නගර සභා පරිශ්‍රයේදී විවෘත කිරීමට නියමිතය.
පාප් වහන්සේගේ ලංකා ගමනය සිහි කරමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් අතින් මෙම ඡායාරූපය විවෘත කෙරෙන බව පැවසේ.
කොළඹ මහ නගර සභාව ස්ථාපිත කර වසර 150ක් සපිරීම නිමිත්තෙන් විශේෂ දේව මෙහෙයක් හා සමරු වැඩසටහනක්ද පැවැත්වේ.

