(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමි බැහැදැක ශෝකය ප්‍රකාශ කළේය.
අනතුරුව හිටපු ජනාධිපතිවරයා ශෝක සටහන් පොතේ සටහනක්ද තැබුවේය.