පාප් වහන්සේ සිය ජීවිතයේ අවසන් සමය ගත කරන බව කියයි


වතිකාන නගරයේදීය (රොයිටර්)
 
තමා දැන් ගෙවමින් සිටින්නේ තම ජීවිත කාලයේ අවසන් සමය යැයි හිටපු පාප් වහන්සේ ලිපියක් මගින් දන්වා තිබේ.
 
අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ යවා ඇති ලිපිය ඉතාලි පුවත්පතක පළ වී තිබෙන අතර තමන් ජීවිතයේ අවසන් සමය ගෙවමින් සිටින බව එම ලිපියේ සඳහන්ව ඇතැයි වාර්තා වේ. 
 
සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේය. උන්වහන්සේ 2013 වසරේ පෙබරවාරි මාසයේදී පාප් පදවියෙන් ඉවත් වූහ. 
 
පාප්වහන්සේ මේ වනවිට 90 වන වියේ පසුවෙති. බෙනඩික් පාප්වහන්සේගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ තත්ත්වයක පවතින නමුත් කායික සහ චලන දුර්වලතාවලින් පෙළෙන බවත් උන්වහන්සේට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. 
 
055