දෙවැනි ජුවාම් පාවුළු හා විස් තුන් වැනි ජුවාම් හිටපු පාප්තුමන්ලා දෙදෙනා ශාන්තුවරයන් වශයෙන් ප්‍රැන්සිස් පාප්තුමෝ ප්‍රකාශයට පත් කළහ.
වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි දහස් ගණන් බැතිමත්හු අත්පොළසන් දෙමින් ‘ආමේන්‘ යනුවෙන් කියමින් ආසිරි පැතූහ.
හිටපු පාප් වහන්සේ දෙනම විසිවන සියවස ආලෝකවත් කළ යුග පුරුෂයන් දෙදෙනකු බවත්, ඔවුන් නිර්භීත පුරුෂයන් බවත් සිය කෙටි දේශනයේ දී ෆැන්සිස් පාප්තුමෝ ප්‍රකාශ කළහ.
වතිකානයේ ශාන්ත පීතර චත්‍රරශ්‍රයේ පැවැති මෙම උත්සවයට සොළොස් වැනි බෙනඩික් පාප් වහන්සේ ද පැමිණියහ.
පාප්වහන්සේලා දෙනමක් දේව මෙහෙයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ද, හිටපු පාප් වහන්සේලා දෙනමක් එකවර ශාන්තුවරුන් වශයෙන් ප්‍රකාශයට පත් කැරුණු ප්‍රථම අවස්ථාව ද එය විය.
මේ අවස්ථාවට ස්පාඤ්ඤ රැජින ඇතුළු රාජකීයයෝ ද, සිම්බාබ්වේ ජනපති රොබට් මුගාබේ ඇතුළු රාජ්‍ය නායකයෝ ද කාදිනල්වරු 150ක් හා බිෂොප්වරු 700ක් ද සහභාගී වූහ.

