පාප් තුමාගේ පදක්කමක් එයි


ෆ්‍රැන්සිස් පාප්තුමාගේ පාප් පදවියට වසරක් පිරීම නිමිති කොටගෙන එතුමන්ගේ උඩුකයේ රුව ඇතුලත් පදක්කමක් පසුගිය ඔක්තෝබර් 7 වැනි දා වාතිකානුවේ දී එළි දැක්විණි.

ඉතාලි රජය නිකුත් කළ මෙම පදක්කම රන්, රිදී සහ ලෝකඩෙන් නිම කර ඇත.

පදක්කමෙහි එක් පසෙක ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ උඩු කයේ රුවක් සහ පදක්කම නිර්මාණය කළ මේරි ඇන්ජෙලා ක්‍රිසියොට්ටි යන අයගේ අත්සන සලකුණු කර තිබේ.

එය වටා “Franciscus Pont. Max. An. I.” ලෙස ද සලකුණු කර ඇත.

පදක්කමේ පිටුපස තරුණ ජෝර්ජ් මාරියෝ (පාප්තුමාගේ පෙර නම) දේව කැඳවීමට අවනත වීම ආවර්ජනය කිරීම සදහා සිතුවමක් සලකුණු කර ඇත.

වතිකාන නිවේදනයට අනුව ‍රන් පදක්කම් 200 ක් ද , රිදී සහ ලෝකඩ පදක්කම් 3000 බැගින් ද අලෙවිය සදහා නිකුත් කර ඇත.

සියලු පදක්කම් වතිකාන ‍රාජ්‍ය ලේකම්ගේ සහතිකයෙන් යුතුව අංක කර අලෙවිය සදහා නිකුත් කැරෙයි.